පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීති විරෝධී අන්දමින් අලි පැටවෙකු රඳවාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා ‘අද’ ට පැවසීය.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් හික්කඩුව වනජීවී පරීක්ෂණ කාර්යාලයේ නිලධාරීන් ඊයේ (12දා) අම්බලන්ගොඩ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ නිවසට යාබදව රඳවා සිටින මෙම අලි පැටවා පරීක්ෂා කළ බව පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා නීත්‍යනුකූල බව සනාථ කිරීමට අදාළ ලියකියවිලි අද (13දා) පෙරවරුවේ ඉදිරිපත් කරන බවට නිවසේ පදිංචිකරුවන් පැවසූ බවද සඳහන් කළේය.