ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් සන්ධාන හිටපු අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට මාස හතරකට පමණ පසු ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.
ඔහුට දැඩි කොන්දේසි යටතේ ඇප දුන්නේය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපයිල් කෝටි දෙක බැගන් වන ශරීර ඇප දෙකක් යටතේ ඔහු නිදහස් කළේය.
සෑම සමකට වරක් රහස් පොලීසියේ පෙනී සිටින ලෙස අධිකරණය දැනුම් දුන්නේය.
පරීක්ෂණවලට බාධා කළහොත් නැවත ඇප ලබා නොදෙන බවද මහාධිකණ විනිසුරු දැනුම් දුන්නේය.