පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන අම්බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් තෙල් සංස්ථාවට අය වියයුතු රුපියල් කෝටි 17 ක මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා එම පිරවුම්හලට සංස්ථාවෙන් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මෙම පිරවුම්හලට තෙල් නොලැබීම නිසා පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්වී සිටිති. අම්බලන්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක් පමණක් ඇති අතර සමූපකාර සමිතියට අයත් අනෙක් ඉන්ධන පිරවුම්හලෙන් පමණක් මේ වනවිට තෙල් නිකුත් කිරීම සිදුකෙරේ.
ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ලංකාවේ ඇති සියලුම ඉන්ධන පිරවුම්හල්වලට සියලුම ඉන්ධන වර්ග සැපයුම සිදුකෙරෙන්නේ අදාළ අවශ්‍යතාව මත කොලොන්නාව තෙල් සංස්ථාවෙන් ලබාගන්නා ඉන්ධන හා ලිහිසි තෙල් සඳහා ගෙවිය යුතු මුදල් තෙල් ඇණවුම් කරන්නාගේ හෝ සමූපකාර සමිතියේ බැංකු ගිණුමේ තැන්පත් කර චෙක්පතක් මගින් ඉන්ධනවල බිල ගෙවීමෙන් පසුව බවයි.
එහෙත් එවැනි නීතිරීති කඩකරමින් අම්බලන්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හල සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පමණක් රුපියල් ලක්ෂ එක්දහස් හත්සියයක තරම් (කෝටි 17)ඉහළ මුදලක ඉන්ධන තොග ණයට දීමෙන් තෙල් සංස්ථාවේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් එවකට සභාපති ඇතුළුකළමනාකාරීත්වය කටයුතු කිරීම නිසා මෙතරම් ඉහළ මුදලක ණයක් පියවාගැනීමට නොහැකිව ඇතැයිද තෙල් සංස්ථා සේවකයෝ කියති.
එක් වරකට ලීටර් 6,600 ක් බැගින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මෙන්ම ලිහිසි තෙල් බවුසර් 800කට අධික ප්‍රමාණයක් තෙල් සංස්ථාවෙන් මුදල් නොගෙවා ලබාගෙන එම මුදල් මෙතෙක් නොගෙවීම නිසා මේ වනවිටත් මෙම ඉන්ධන පිරවුම්හලට දැනට දින දහයක පමණ කාලයක පමණ සිට ඉන්ධන නිකුත් කිරීම සිදුනොකරන බව තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේවෙතත් මේ පිළිබඳ විමසීම සඳහාපාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ කරගැනීමට අප ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
ඇත්කඳුරේ ජනත් ද සිල්වා / කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන