සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන 11දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් පියන්ත ලියනගේ මහතා අද (04දා) නියෝග කළේය.
ඔහුගේ ඇප ඉල්ලුමද මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කළේය. ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.