ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අව භාවිත කිරීමේ චෝදනා යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතා නැවතත් එළැඹෙන අගෝස්තු 4 වැනි දා දක්වා නැවතත් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද (21දා) නියෝග කළේය. අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඔහුට ඇප දෙන්නැයි කළ ඉල්ලීමද මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කළේය.