ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව 'එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය' නමින් ව්‍යාජ පොතක් මුද්‍රණය කළ පන්නිපිටියේ මුද්‍රණාලයක් අද (25දා) අලුයම වටලා පොත් තොගයක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.
මෙම මුද්‍රණාලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (25දා) ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අමිල සංකල්ප - මහරගම