එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වෙත ස්ථිරවම හිමිවනු ඇති බව 'අද'ට වාර්තා වේ.
නියෝජ්‍ය නායක ධුරය සඳහා තැනැත්තෙකු නම් කිරීම ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ඇති බවත්, එහිදී එක් නියෝජ්‍ය නායක තනතුරක් පමණක් ස්ථාපිත කරනු ඇති බවත් එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත් කිරීම ලබන 20 වැනිදායින් පසුව පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුකිරීමට මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවද වාර්තා වේ.
නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ පත්වීම සඳහා එජාප මහලේකම් තිස්ස අත්තනායක, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය ඇතුළු එජාපයේ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ එකඟතාව හිමිවී ඇති බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා ගොස් සිටි මංගල සමරවීර මහතාද ඊයේ (08දා) දහවල් දිවයිනට පැමිණි අතර, ඔහු අද දිනයේ සිටම ඌව මැතිවරණ සටනට එක්වනු ඇති බවද 'අද' පුවත්පතට වාර්තා වේ.