ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති පස්වැනි එක්දින තරගයේදී ජෝස් බට්ලර් මැන්කාඩ් ක්රමයේ දවාගැනීමකට හසුකර ගැනීමට සචිත්ර සේනානායක කටයුතු කිරීම නිවරදි බව මාර්ලෙබොන් ක්රිකට් සමාජය පවසයි.
එසේම එහිදී ශ්රී ලංකා කණ්ඩායම ක්රිකට් ක්රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමින් කටයුතු කර ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති.
ජොස් බට්ලර් මන්කාඩ් ක්රමයට දවාගැනීම සම්බන්ධයෙන් මේ වන විට ක්රිකට් පිටියෙහි වැඩි වශයෙන් කාතබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර ඒ පිළිබඳව ප්රතිචාර දක්වමන් මාර්ලිබෝන් ක්රිකට් සමාජය ශ්රී ලංකා කණ්ඩායමේ ක්රියාව සාධාරණීකරණය කර තිබේ. එසේම ශ්රී ලංකා කණ්ඩායම ජීවගුණය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ පිළිබඳව එංගලන්තයේ මිරර් පුවත් සේවයට අදහස් දක්වා සිටින එම්.සී.සී. ප්රකාශක සඳහන් කරන්නේ ජෝස් බට්ලර් ක්රිකට් ක්රීඩාවේ නීති අතික්රමණය කරමින් කටයුතු කළ බවයි.