ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“ විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්විණි.
රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව ආරම්භ කර තිබේ.
දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි.