පසුගිය ආණ්ඩුවලදී මොන දුර්වලතා තිබුණද සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් පමණක් සංස්කෘතික ඇමතිවරයෙකු සිටි බවත්, එහෙත් වර්තමාන අමාත්‍ය මණ්ඩලය තුළ සංස්කෘතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍යවරයෙකු නොමැති බවත් ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා සඳහන් කළේය.
වර්තමාන අමාත්‍ය මණ්ඩලය තුළ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙන්නේ විෂයයන් කිහිපයක් අයත් අමාත්‍යවරයෙකු බවත්, රටේ සංස්කෘතික අමාත්‍යාංශය මේ අයුරින් නොසලකා හැර සමාජය ඉදිරියට ගෙනියන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්නයක් පැනනගින බවත් ඒ මහතා පවසා සිටියේය.