රටේ සංවර්ධනයට සියලු අංශ යොදාගැනීමේදී දේශපාලන, වෘත්තීය, උගත් සියලු අංශවල එකමුතුභාවය වැදගත් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (26දා) අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පදනම් ආයතනයේ පැවැති ඉන්කෝපරේට් ඉංජිනේරු ආයතනයේ 37 වැනි සමුළුවට සහභාගි වෙමිනි.
එසේ නොවූවිට රාජ්ය ආයතන බොහොමයක ප්රාදේශීය හා ජාතික සැලසුම්වලදී එකඟතා ඇතිකර ගැනීම අසීරු බවත්, ඒ නිසාම වැඩවල ඇති වන බාධා, ප්රමාද පිළිබඳව තමා හොඳින්ම දන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එවැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීම වැදගත් බව මෛත්රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.