සංවර්ධන පනත සකස්කළ පුද්ගලයා මෝඩයෙක්
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය නොදන්නා පුද්ගලයෙකු යැයි රජයේ සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. එම කෙටුම්පත සකස්කළ නීතිඥවරයා හෝ පුද්ගලයා මෝඩයෙකු ලෙසට තමන් හඳුන්වා දෙන බවත් එම කෙටුම්පත යළි සාකඒඡාවට බඳුන්කර ඉදිරිපත් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (28දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගෙනඒමට පෙර රට තුළ සංවාදයක් ඇති කළ යුතුයි. පළාත් සභාවල යෝජනා ලබාගෙන වැරදි සකස්කර මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. පළාත් සභාවල සහාය අවශ්‍ය නම් පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව තිබුණා. මගේ අදහස නම් මෙය පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් නොකළ යුතු බවයි. පළාත් සභාවල මතය විමසීමෙන් පසු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. මෙම පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා අමාත්‍යවරයා සද්භාවයෙන් කටයුතු කරනවා නම් නඩු පැවැරීමට නොහැකි බව. මම එම වගන්තියට විරුද්ධයි. මොකද ජනාධිපතිවරයාටත් නඩු පැවරිය හැකි මොහොතක අමාත්‍යවරයෙකුට මුක්තියක් ලබාදෙන්නෙ කොහොමද? මෙම කෙටුම්පතෙනුත් කමිටු හදලා වැඩක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාව ආයෝජන හිතවාදී රටක් බවට පත්කළ යුතුයි. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය දෙයක්. සංවර්ධන ව්‍යාපෘති එක ස්ථානයකින් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මෙම කෙටුම්පත යළි සාකච්ඡාවට බඳුන්කර ඉදිරිපත් කළ යුතු බව මම ප්‍රකාශ කරනවා.
යහපාලන රජයට රට තුළ ලොකු විරෝධයක් නැහැ. රජය කළ වැඩ කොටස් ගැන ප්‍රසාදයක් තිබෙනවා. රුපියල් ශතවලින් එම වැඩ කොටස මනින්න එපා. සංහිඳියාව ගොඩනැගෙනවා. පක්ෂ ගැන කතා කරලා වැඩක් නැහැ. රජය තුළ සිටිමින් ඇතැම් අමාත්‍යවරුන් හිටපු ජනාධිපතිවරයාගේ මතවාදය ගැන කතා කරනවා. රට ගොඩනැගීමට යහපාලන රජය බිහි කළේ" යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

