සංවර්ධන පනත සංශෝධන සහිතව යළි එයි
සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව නැවතත් සියලුම පළාත් සභා වෙත යොමු කිරීමටත්, එමගින් එය පළාත් සභා තුළ සම්මත කරගැනීමටත් රජය තීරණය කර තිබේ.මේ වනවිට ඉදිරිපත් කර ඇති සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත හරහා සුපිරි අමාත්‍යවරෙයකු බිහිවන බවත්, පළාත් සභා බලතල අභියෝගයට ලක්වන බවත් පවසමින් පළාත් සභා පහක මෙම පනත් කෙටුම්පත පරාජයට පත් වී ඇත.
පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරන් මහතා හෙට (29දා) බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.ඊයේ (27දා) මෙම පනත් කෙටුම්පත දකුණු සහ සබරගමුව පළාත් සභා වෙත ඉදිරිපත් කළ අතර, ඒවායේදීද වැඩි ඡන්දයෙන් එය පාරාජයට පත්විය.
දකුණු පළාත් සභාවේදී සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා විපක්ෂව ඡන්ද 33 ක් සහ පක්ෂව ඡන්ද 14 ක් ලැබිණි.
සබරගමුව පළාත් සභවේදී ඒ සඳහා විපක්ෂව ඡන්ද 20 ක් හා පක්ෂව ඡන්ද 13 ක් ලැබී තිබිණි.මීට පෙර ඌව, උතුරු මැද සහ උතුරු පළාත් සභාවලදී මෙම පනත් කෙටුම්පත පරාජයට පත් වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය පවතින පළාත් සභා හතම පනත් කෙටුම්පතට විරුද්ධ බවයි.
කෙසේ වුවද එම පනත් කෙටුම්පත සඳහා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේදී එකඟතාව පළ කර ඇති බැවින් පනත් කෙටුම්පත පරාජයට පත් වුවද නැවත පළාත් සභා වෙත යොමුකර එය සම්මත කරගැනීමට පියවර ගන්නා බව රජයේ නියෝජිතයෙක් පැවසීය.
කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බවද එම පක්ෂ සඳහන් කළේය.
කෙසේ වෙතත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත්ව සිදුකරගැනීමට විශේෂ පනතක් අවශ්‍ය වුවද සුපිරි අමාත්‍යවරයෙකු අවශ්‍ය නොවන බවද පසුගියදා කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාවද හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
