සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ අද (29දා) පැවැති ඡන්ද විමසීමේදී එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 24කින් පරාජයට පත්විය.
පනතට පක්ෂව එක්සත් ජාතික පක්ෂය සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්රීවරුන් එක්ව ඡන්ද 28ක් ප්රකාශ කළ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් එක්ව ඊට විරුද්ධව ඡන්ද 52ක් ප්රකාශ කළහ.
ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්රී වර්ණසිංහ, ස්වාධීනව සිටින සුසිල් කිදෙල්පිටිය මහතා ඇතුළුව මන්ත්රීවරුන් හය දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ජාතික හෙළ උරුමය ඡන්දය දීමෙන් වැළකී සිටින බව ඡන්ද විමසීමට පෙර නිශාන්ත ශ්රී වර්ණසිංහ මන්ත්රීවරයා ප්රකාශ කළද ඡන්දය විමසන අවස්ථාවේ එම පක්ෂයේ තෙඹුවන පියනන්ද හිමියෝ පනතට විරුද්ධව ඡන්දය ප්රකාශ කළහ.