සංචාරක වීසා ලබාගෙන ගෘහ සේවය සඳහා විදෙස් රටවලට කාන්තාවන් හා පිරිමින් මෙරටින් යැවීම වහාම නතර කිරීමට සහ එවැනි ජාවාරම් කරන අයවලුන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය.
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් කාන්තාවන් රවටා සංචාරක වීසා ලබාගෙන ගෘහ සේවය සඳහා කාන්තාවන් විදෙස් රටවලට යැවීම බහුල වශයෙන් සිදුකෙරෙන බවට අමාත්‍යාංශයට තොරතුරු රැසක් ලැබී තිබෙන බවත්, දැනටමත් එවැනි ආකාරයෙන් විදේශගතවී සිටින ශ්‍රීලාංකික කාන්තාවන් රැසක් මැදපෙරදිග රටවල අතරමංවී සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද අමාත්‍යවරිය පැවසුවාය.