වේගයෙන් වර්ධනය වන සංචාරක ක්ෂෙත්රයේ අභියෝගයන්ට මුහුණ දීමට නම් ක්ෂෙත්රයේ විධිමත් පුහුණු මානව සම්පත කඩිනමින් අවශ්‍ය දැනුමින් සන්නද්ධ කළ යුතු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද දින (31) වෝටර්ස් ඒජ් හෝටලය වෙතින් හෝටල් ක්ෂෙත්රයට පිවිසෙන්නන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ පුහුණු වැඩසටහනේ පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ,
අද රටේ විශාල වශයෙන් වේගයෙන් වර්ධනය වෙන ක්ෂෙත්රයක් තමයි සංචාරක කර්මාන්තය., පිටරටින් ලක්ෂ 22 ක් පමණ සංචාරකයෝ එනවා. මේ සංචාරක කි‍්‍රයාවලිය නිසා එක්තරා විදිහකට අපේ අපනයනටත් යම්කිසි සේවයක් වෙලා තිබෙනවා. චීන ජාතිකයෝ දෙලක්ෂ පනස් දාහක් පමණ වාර්ෂිකව ලංකාවට එනවා. ඒ එන අය අඩුම තරමින් තේකොල කිලෝ 4 ක 5 ක්, ඒ වගේම මැණික් ගල් කිහිපයක් අරගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් අපේ අපනයනට වඩා වැඩි ප්‍රමාණයක් රට ඇතුලේ යම් යම් භාණ්ඩ පිටරටට යන ක්‍රමවේදයක් දැන් ඒක තුළ ඇතිවෙලා තියෙනවා. අලූත් ආර්ථිකයක් ඒක තුළ ගොඩනැගිලි තියෙනවා. ඉතින් ලෝකයේ අනෙක් රටවලූත් තර`ග කරන අවස්ථාවේදි අපිට මේ තරඟෙට බහින්න සිද්ධවෙලා තියෙනවා. යැයි පැවසීය.
මෙම අවස්ථාවට වෝටර්ස් ඒජ් හෝටලයේ සභාපති චමත් සිල්වා, මානව සම්පත් අධ්යක්ෂ තුෂාර හෙට්ටිහාමු, සාමාන්‍යධිකාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් ඇතුළු අභ්‍යාසලාභීන් පිරිසක් සහභාගී වූහ.