පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවණීය මහ සඟරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භිකෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
එබැවින් උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව හෙතෙම කීය.
එමෙන්ම එය සමාජයේ ප්රගමනයට හානියක් බවද අමාත්‍යවරයා පවසයි.
මෙම අයහපත් තත්ත්වයට ඉඩ නොතැබීමට සංඝයා වහන්සේලා අතර කථීකාවක් ඇති විය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවත් බවට පත්ව තිබෙන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටීයේ ආණමඩුව එක්සත් ජාතික පකෂ කාර්යාලයේ ඊයේ(20දා) පැවැති උත්සවයකදීය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
උන්වහන්සේ ස්වාධීන වීමට ගත් තීරණයට වඩා පාර්ලිමේන්තුවෙන්ම ඉවත්වීමට කටයුතු කළේ නම් සුව්ශේෂී සමාජ මෙහෙවරකට මග පෑදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.