සංගා, ලාරා හා සමවේ
- 5 02 2014
- 10:28
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට සංගක්කාර අද උදෑසන සමත්විය. ඒ අනුව සංගා බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමට නොදැවී ක්‍රීඩා කරමින් මේවන විට ලකුණු 203 ක් රැස්කරගෙන සිටියි.
සංගා ටෙස්ට් ද්විත්ව ශතකලාභීන් අතර දෙවැනි වන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට පමණි. එමෙන්ම සංගා සහ ලාරා ද්විත්ව ශතක 9ක් රැස්කර ගනිමින් ද්විත්ව ශතකලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙති.
චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (5දා) පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 402 ක්රැස්කරගෙන සිටියි.
වැඩිම ද්විත්ව ශතක වාර්තා කර ඇති පිතිකරුවෝ
| ක්‍රීඩකයා | තරග | කාලය | ද්විත්ව ශතක |
| ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඔස්ට්‍රේලියාව) | 52 | 1928-1948 | 12 |
| බ්‍රයන් ලාරා (බ.ඉ. කොදෙව්) | 131 | 1990-2006 | 9 |
| කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) | 122* | 2000-2014 | 9 |
| වොලි හැමොන්ඩ් (එංගලන්තය) | 85 | 1927-1947 | 7 |
| මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) | 143 | 1997-2014 | 7 |
| මාවන් අතපත්තු (ශ්‍රී ලංකාව) | 90 | 1990-2007 | 6 |
| විරේන්ද්‍ර ශෙවාග් (ඉන්දියාව) | 104 | 2001-2013 | 6 |
| ජාවේඩ් මියැන්ඩාඩ් (පාකිස්තානය) | 124 | 1976-1993 | 6 |
| රිකී පොන්ටින් (ඔස්ට්‍රේලියාව) | 168 | 1995-2012 | 6 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

