දඹදිව වන්දනාවක යෙදී සිටියදී අපහසුතාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් එම ස්ථානයෙන් ඉවත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. කැරලිකරුවන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකු ලුම්බිණියේ සිරව සිටින බවට වාර්තා බු බවත් ඔවුන් මේවන විට නේපාලයෙන් පිටත්ව ගොස් ඇති බවත් විදේශ අමාත්‍යාංශය පැවසීය. නේපාලයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා ඒ පිලිබද සොයා බැලූ බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සදහන් කළේය. මෙම තත්වය සමනය වන තුරු ලුම්බිණායේ සංචාරය නොකරන ලෙස නේපාලයේ ශ්‍රීලංකා තනාපති කාර්යාලය ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලිසිටියි.