විදේශිය යාත්‍රා ශ්‍රී ලංකා ධජය යටතේ මාළු ඇල්ලීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ආරම්භ කරන ලද සමාගම් කීපයක් ශ්‍රී ලංකා ධජය යටතේ විදේශිය යාත්‍රා මගින් ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලීමට පටන් ගැනීම නිසා උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටේම ධීවර ප්‍රජාවගේ දැඩි විරෝධයක් එල්ල වූ අමාත්‍යාංශය පවසයි. එමෙන්ම, මෙම යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී මාළු අල්ලන බවට ශ්‍රී ලාංකීය ධීවරයින් චෝදනා කරනු ලැබූ බවත් පවසයි.
මේ පිළිබඳව අවධානය යොමුකළ රජය 2008 ජනවාරි 30 දරණ ආමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රටේ ජාතික අවශ්‍යතාවන්ට බාධාවන ආකාරයට මෙම සමාගම් කටයුතු කර ඇත්දැයි සොයාබැලීමටත්, ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු ගැන විමර්ශනය කිරීමටත්, මෙම සමාගම් ආශ්‍රිතව ආයෝජන මණ්ඩලය අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙත පිළිබඳව සුපරීක්ෂා කිරීමටත් තිරණය කර ඇති බැවින් මෙම විදේශිය යාත්‍රාවල ක්‍රියාත්මක භාවය තාවකාලිකව අත්හිටුවීමට රජය තිරණය කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.