පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 09 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළදී දිස්ත්‍රික්ක 20 ක නගර 37 ක පාසල් 38 කදී සිදුකරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ සඳහා ගුරුවරුන් 6256 ක් සහභාගී වන බවත්, ඇගයීම් කටයුතු සිදුකරන පාසල් 38 න් 21 ක් ඇගයීම් කාලය තුළදී වසා තැබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
අගෝස්තු 23 වැනිදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 340,926 ක් පෙනී සිටියහ.