සිසුන් 335585 කගේ සහභාගීත්වයෙන් විභාග මධ්‍යස්ථාන 2870 කදී අද (17දා) දිනයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැටලුවකින් තොරව සාර්ථකව පැවැත්වූ බව විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
වර්ෂාව හේතුවෙන් එක් මධ්‍යස්ථානයක සිසුන් තිදෙනෙකුට වෙනමම විභාගය පැවැත්වීමට සිදුවීමත්, අනතුරකින් තුවාල ලත් සිසුවියකට රෝහලකදී විභාගයට ලිවීමට සිදුවීමත් හැරෙන්නට වෙනත් විශේෂ සිදුවීමක් වාර්තා නොවන බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
විභාග වංචාවක් සිදුවූ බවට කිසිදු තොරතුරක් නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.