විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය 29 වැනිදා පැවැති උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසිරුණු භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීමට එම අවස්ථාවේ ලබාගත් විද්‍යුත් පට සහ ඡායාරූප පරීක්ෂා කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ශිෂ්‍යයින් සිදුකළ පහරදීම නිසා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට පොලිස් රෝහලට මාරුකර යවා තිබෙන බවත්, ඔවුන් දෙදෙනාගේ සුවදුක් විමසීමට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පොලිස් රෝහල වෙත ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.