ඉන්දියාවේ සිට පැමිණි බොලිවුඩ් තරු දෙකක් වන සල්මන් ඛාන් හා ජැකලීන් ෆර්නැන්ඩස් තාරුණ්‍යට හෙටක් සංවිධානය විසින් සංවිධානය කර තිබූ සෞඛ්‍ය සායනයකට බොරැල්ලේදී එක්වුණා.
එම වැඩසටහන අතරතුරදී කොළඹ දිස්ත්‍රික් දේශපාලඥයෙකු "ශාරුක් ඛාන්ට ජයවේවා! " යැයි ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට පැමිණ සිටියේ කලක් ශාරුක් ඛාන හා අමනාපව සිටි අයෙකු වූ සල්මන් ඛාන් බැවින් එතැන සිටි පිරිස් එම සිදුවීමෙන් එකිනෙකා මුහුණට මුහුණ බලා සිනාසෙන අයුරු දක්නට ලැබුණා.