ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
දඹදෙණියේ තිබෙන සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේය.
පාක්ෂිකයන්ගෙන් එල්ලවන බලපෑම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට එරෙහිව ගෙන තිබෙන අතුරු තහනම් නියෝගයට විරෝධය දක්වමින් තමන් මෙම ධුරයෙන් ඉවත්වන බව ඔහු ප්‍රකාශ කළේය.
පන්නල හේමා