තමා එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට අසත්‍ය ප්‍රචාරයක් දියත් කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ එම ප්‍රවෘත්තිය වාර්තා කළ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලටත්, සමාජ වෙබ් අඩවිවලටත් එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය සමග කිසිම සාකච්ඡාවක් පවත්වා හෝ එකඟතාවක් ඇති කරගෙන නොමැති බවත්, තමා තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පමණක් බවත් ඒ මහතා කියා සිටියේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බවයි.