අද ශ්‍රී.ල.නි පක්ෂය සීසීකඩ විසිරී ගොස් ඇති බවත්, එය නායකයන් විවිධ අතයන, සිටින පාක්ෂිකයන් සුළු ප්‍රමාණයත් අනාථ කළ පක්ෂයක් බවට පත්කර තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ නායක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රමේෂ් පතිරණ මහතා පැවසීය.
ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයිදින රැලියේ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා සමනල ක්‍රිඩාංගණයට අද (07දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
එහිදී මන්ත්‍රීවරයා මේසේද අදහස් දැක්වූයේය.
“මඩකළපුවේ පැවැත්වෙන රැලියේ කිසිදු සාර්ථකභාවයක් නැහැ. එජාපය කුඩා සම්මන්ත්රණ ශාලාවකට තමන්ගේ මැයි දිනය හිරකරලා තියෙනවා. මේ රටේ පොදු කම්කරු ජනතාව එක්ක දුක් විඳින ජනතාව එක්ක මැයි දිනය සමරන්න ශක්තිය තියෙන්නේ මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සහෝදර පක්ෂවලට පමණයි”