මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් තමා ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පැවසීය.
ඊට අදාළ ලිපිය පක්ෂ මූලස්ථානයට යොමුකර ඇතැයිද ඒ මහතා සඳහන් කර සිටියේය. තමාගේ පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.