ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහ හෙල උරුමය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරණ හිටපු මන්ත්‍රීවරුන් රුසක් එක්සත් ජාතික යහපාලන පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදීමට නියමිතය.
ජනවාරි 08 දා වෙනසකට එක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ඵලකළ මන්ත්‍රීවරු බොහොමයක් මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම් කේ ඩී එස් ගුණවර්ධන පාඨලී චම්පික මහත්වරු සහ හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මය ඇතුලු පිරිසක් මෙලස එක්සත් ජාතික පක්ෂයට සන්ධායක් හරහා එක්ව එක්සත් ජාතික යහපාලන පෙරමුණ ලෙස අලියා ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට නියමිතය.