ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට යනවිට අවට වෙළෙඳ සැල්වලින් ආහාරපාන මිලදී ගැනීමේදී එම ආහාරපානවල ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී පාදස්ථානය අවට ආහාරපාන අලෙවි කරන ස්ථාන පිළිබඳව සොයාබැලීමට මහජන පරීක්ෂකවරුන් කණ්ඩායමක් යොදවා සිටින බවත්, එම පිරිස් පැය 24 පුරාම රාජකාරි කටයුතු සිදුකරන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
එබැවින් ශ්‍රී පාදස්ථානය අවට වෙළෙඳ සැල්වලින් මිලදී ගත් ආහාරපානවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන ලෙසත්, එසේ නොමැති නම් 011 263 5675 දුරකථන අංකයට ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසත් සභාපතිවරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.