ශ්‍රී සර්ඥ ධාතූන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරති
ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සිට පසුගියදා ගුවන් මගින් මෙරටට වැඩම කර වූ ශ්‍රී සර්ඥ ධාතූන් වහන්සේලා මූලගන්ධිකුටි විහාරයට නැවත වැඩම කිරීමේ අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් ඊයේ (03දා) කටුනායක ගුවන් තොටුපොළේ සිරිලක් මැදුරට පැමිණ සිටියහ.
බුද්ධ රශ්මි වෙසක් කලාප ප්‍රදර්ශනයෙහි ප්‍රදර්ශනය සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී සර්ඥ ධාතූන් වහන්සේලා දිවයිනට වැඩම කරන ලදී.
මේ අනුව ඉන්දියාවට වැඩම කරවීමට ගුවන් තොටුපොළේ තැම්පත් කර තිබූ ශ්‍රී සර්ඥ ධාතුන් වහන්සේලා තැම්පත් කර තිබූ මංජුසාව සහිත කරඬුව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ඉන්දියානු මහා බෝධි සංගමයේ භාණ්ඩාගාරික දීපාක් කුමාර්චෞත්රි මහතාට භාර දීම සිදු කෙරුණි.
සීදුව ප්‍රසාද් මුතුකුඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




