ශ්‍රී ලාංකික සරණාගතයන් ජීවත්වන ඉන්දියාවේ මඳුරෙයි නුවර පිහිටා ඇති තිරුවතාවුර් සරණාගත කඳවුරේ සරණාගතයින් හට වකුගඩු ආශ්රිත රෝගී තත්ත්වයක් පැන නැඟී ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
මෙසේ ඇතිවූ රෝගී තත්ත්වයන් හේතුවෙන් පසුගිය වසර හතර තුළදි සරණාගතයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔවුහු පවසති.
ලේ වල පවතින අපද්‍රව්‍ය නියමිත පරිදි වකුගඩු හරහා පිරිසුදු නොවීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය පෙන්වා දෙයි. සරණාගත කඳවුරේ වෙසෙන සරණාගතයින් හට අපිරිසුදු ජලය පානය කිරීමට සිදුවීම මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව වී තිබෙන බවද මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.