ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් සෞදියේදී මිය යති
සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් රිය අනතුරකින් සහ පිළිස්සීමෙන් මිය ගොස් ඇති බව කමිස මුසායිඩ් ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇති කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය ත්‍රිකුණාමලයේ උප්පුවේලි ප්‍රදේශයේ ව සිට මීට මාස 6කට පෙර සෞදි අරාබියේ අසීර් ප්‍රදේශයේ කමිස මුසායිඩ් හි නිවසක රැකියාව කරන ලද පස් දරු මවක වන නසුරා යනුවෙන් හඳුනාගෙන ඇත.
සිද්ධිය වාර්තා වන අන්දමට අදාළ නිවසෙහි හාම්පුතාගේ බිරිඳ විසින් විටින් විට පහරදීම් සහ හිරිහැර කරමින් මෙහෙකාර කමෙහි යොදවා ඇති අතර මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාවට පැට්රල් හෝ වෙන කිසියම් දෙයක් ශරීරයට වත්කොට කාරමයක දමා ගිනි තබා ඇති බව මියයාමට මොහොතකට කලින් අසීරු රෝහලේ සේවිකාවන් හට පවසා ඇති බව වර්තාවේ.
මේ අතර අබා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 80 පමණ දුරකින් පිහිටි දරබ් නමැති කදුකර ප්‍රදේශයකදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් තම රැකියාව කරන ලද නිවසින් පලා යමින් සිටියදී රිය අනතුරකට ලක්ව මියගොස් ඇති බව ජෙඩා කොන්සියුලර් කාර්යාලයට වාර්තා වී ඇත. මෙම කාන්තාවගේ අනන්‍යතාවය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැති මුත් ශ්‍රී ලාංකික කාන්තාවක් බව තහවුරු වී ඇති බව ජෙඩා කොන්සියුලර් ආරංචි සඳහන් කරයි. මෙම කාන්තාවගේ මෘත දේහය ජිසාන් රෝහලේ තැන්පත් කර ඇති බවද වාර්තා වේ.
ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

