ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් බෝට්ටු හරහා ශ්රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ ශ්රී ලංකා ජාතිකයෙකු, ශ්රී ලංකා සරණාගතයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද හින්දු පුවත් සේවය කියයි.
ඉන්දීය ධීවරයින්ගේ සහායද ඇතිව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර හින්දු පුවත් සේවය සඳහන් කළේ ඔවුන් ශ්රී ලංකාවේ තලෙයි මන්නාරම වෙත පැමිණීමට සූදානමින් සිටි බවයි.