එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිටි ශ්‍රී ලංකා කාන්තාවක් ඇයගේ දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද සියදිවි හානිකරගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය අද (11) වාර්තා කරනු ලැබීය. මිය ගිය අයගේ සිරුරු ඊයේ (10) ස්කොට්ලන්ඩ් යාඩ් පෙලීසිය විසින් සොයාගෙන ඇත.
33 හැවිරිදි ජෙයවානි වගේෂ්වරන් හා අවුරුදු පහක් හා මාස 8 ක් වයසැති සිය පිරිමි දරුවන් දෙදෙනාද සමග මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව එංගලන්ත මාධ්‍ය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් සේවය පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යනු ලබයි. මියගිය කාන්තාවගේ සැමියා එංගලන්තයේ ගණකාධිකාරවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. ඔහු සේවය නිමවී නිවසට පැමිණෙන විට දරුවන් හා බිරිඳ සොයා බලන විට මිය ගිය සිය බිරිඳගේ දේහය හා කළු පැහැති පොලිතින් කවරවල තිබූ සිය දරුවන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත.
ඩේලි මේල් ඇසුරෙනි