ශ්රී ලංකාවේ සිට ඉන්දියාවට හොරෙන් රැගෙන ආ රත්රන් කිලෝ 35ක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාක්ෂක නිලධාරී කණ්ඩයමක් අද (23දා) පාන්දර සමත්ව ඇති බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම රත්රන් තොගය රන් බිස්කට් ලෙස සකස්කර තිබුණු බවද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.
ඉන්දියාවේ මදුරෙයි සිට මෙම රන් ජාවාරම මෙහෙයවන බවත්, සිද්ධියට අදාල ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුළුල් පරීක්ෂණ පවත්වන බවත් ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.රත්රන් තොගයේ වටිනාකම ඉන්දීයරුපියල් කෝටි 10ක් (රුපියල් කෝටි 21 ) බව සඳහන්වෙයි.