දෙමාපියන් හඳුනාගැනීමට නොහැකිව විදේශයන් හි සිටින ශ්‍රී ලාංකාවේ ඉපදී ඇති දරුවන්ට දෙමාපියන් සොයාගැනීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග සම්බන්ධව DNA පරික්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා හා නෙදර්ලන්ත තානාපතිනිය අතර ඊයේ (21දා) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
දෙමාපියන් සොයා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකික දරුවන් 4000 ක් පමණ මේ වන විට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල වෙසෙන බවත්, ඔවුන්ට දෙමාපියන් සොයාගැනීමට සහයෝගය ලබාදෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මිට පෙර නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවට ප්‍රකාශ කර තිබුණි.
දරුවන් පිළිබද දත්ත ගබඩාවක් සකස් කර ප්‍රචාරණ වැඩපිළිවෙළකින් අනතුරුවDNA පරික්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවට ලබාදුන් ප්‍රකාශය මත නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් දත්ත ගබඩාවක් සකස් කර ඇත.
එම දත්ත ගබඩාව සකස් කළ දරුවන් දෙදෙනෙකු නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඊයේ (21) දහවල් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අතර, ඔවුන් දෙදෙනා ද මෙම සාකච්ඡාවට එක්වූහ. තව ද ඔවුන් දෙදෙනා නෙදර්ලන්ත තානාපතිවරයා සමග දිර්ඝ සාකච්ඡාවක ද නිරත විය.
මෙම දරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ තම දෙමාපියන් සොයාගැනීම සදහා පුවත්පත් දැන්වීමක් පළ කර ඇත. එයට අනුව මව්වරුන් පමණක් 50 ක් අන්යන්යතාවය ප්‍රකාශ කරමින් මේ වන විට මෙම දරුවන් දෙදෙනා හමු වී ඇත.