ශ්‍රී ලංකාව හා මාලදිවයින් රාජ්‍යය වෙනුවෙන් පත්කර ඇති ස්විට්සර්ලන්ත තානාපති තෝමස් ලිට්ස්චර් මහතා අද (13දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළේය.
ඉදිරියේ දී ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසූ අතර, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයේ මෑතකාලීන වර්ධනය පිළිබඳව උනන්දුවක් දක්වන බව ලිට්ස්චර් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1956 වසරේදී ආරම්භ වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.