පසුගිය සති අන්තයේ ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් අවලංගු කිරීමේ තත්ත්වය පිලිබඳ ඇමෙරිකාව දැඩි කනස්සල්ල පළ කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යාපනයේ මාධ්‍යවේදීන් සඳහා ඇමෙරිකානු රජයේ මූල්‍ය ආධාර මගින් සංවිධානය වුණු මෙම සංඛ්‍යාංක ආරක්ෂාව පිළිබඳ පුහුණුව අවලංගු වීමෙන් අනතුරුව, සහභාගි වීමට පැමිණි අය සහ පුහුණුව අවලංගු කිරීම නිසා රජය විවේචනය කළ එක් මාධ්‍යවේදියෙකු ඇතුළුව රට පුරා අනෙකුත් මාධ්‍යවේදීන් තර්ජන සහ බිය වැද්දීම්වලට ලක්වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම, මැයි මාසයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක කණ්ඩායම් විසින් පුහුණු වැඩසටහන්වල සහභාගි වන අය තර්ජනයට ලක්වීම නිසා අවලංගු වුණු තුන්වැනි පුහුණු වැඩසටහන මෙය බවත් පෙන්වා දෙයි.
පොලීසිය මෙම ස්ථානවල රැඳී සිට ඇතත් තර්ජනයට ලක්වූ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා නැති බවත්, තර්ජනය කරන්නා වූ පිරිස්වලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඇමෙරිකානු තානාපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.