ශ්‍රී ලංකාවේ සිදුව ඇති සංවර්ධනය තමන්ට දැකගැනීමට හැකිවූ බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඩබ්ලිව්. ඈෂ් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරුණ සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි සභාපතිවරයා අද (07දා) අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ මේ බව පවසා සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් ඈෂ් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාවේ සුබසාධනයද ඉහළ මට්ටමක ඇති බවත්ය.
මෑතකාලීනව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද ඔහු ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අගය කළේය. මෙහිදී ශ්‍රී ලංකාව මෑතකාලීනව දියත් කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද ජනපතිවරයා සභාපතිවරයාට පැහැදිලි කළේය.