ශ්‍රී ලංකාවේ ආදායම් බෙදීයාමේ විෂමතාව සැලකිය යුතු කරුණක් වන අතර, ජාතික ආදායමෙන් 38%ක් රටේ සුපිරි ධනවතුන් 10% ක් අතර බෙදී යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් කියයි.
සහශ්‍ර සංවර්ධන ඉලක්ක ප්‍රගතිය දැක්වෙන මෙම වාර්තාවට අනුව මෙරට දිළිඳු ජනතාවගෙන් 10%ක් අතර බෙදී යන්නේ ජාතික ආදායමෙන් 1.5% ක් පමණි.
මේ අතර, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම අවම දිස්ත්‍රික්කය කොළඹ බවත්, එය 1.4% ක් වන අතර, මුලතිව් හා මොනරාගල පිළිවෙළින් 28.8% ක් හා 20.8% ක් ලෙස දරිද්‍රතා මට්ටම ඉහළ දිස්ත්‍රික්ක ලෙස දක්වා තිබේ.
කෙසේ වෙතත්, පළමු සහශ්‍ර සංවර්ධනය ඉලක්කය වූ 1990 සිට 2015 දක්වා කාලය තුළදී දිනකට ඇමෙරිකානු ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීමේ ඉලක්කය 2015 එළැඹීමට වසර 4කට පෙර ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවද එම වාර්තාව දක්වයි.