ශ්රී ලංකාවේ පදිංචිව සිට බෝට්ටු මගින් ඉන්දියාවට ගොස් නැවතත් බෝට්ටු මගින් ශ්රී ලංකාවට පැමිණි එකම පවුලේ පස්දෙනෙක් අද (23දා) නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් 2004 වසරේදී මන්නාරම සිට ඉන්දියාවට ගොස් තිබෙන අතර නැවත බෝට්ටු මගින් ශ්රී ලංකාවට පැමිණීමේදී නාවුක හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. නාවුක හමුදාව විසින් ඔවුන් මන්නාරම පොලිස් ස්ථානයට භාරදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම පුද්ගලයින් 2004 වසරේදී රටින් පිටව යාමට හේතුව පිළිබඳව විමර්ශනයක් කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මව, පියා, පුත්තු දෙදෙනෙක්, එක් දුවක් සිටින බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.