වසරක් තුළ දිවයිනට පැමිණි වැඩිම විදේශීය සංචාරක සංඛ්‍යාව වාර්තා කරමින් පහලොස් ලක්ෂ වෙනි සංචාරකයා අද (28දා) දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි ඔහු ජර්මන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ටොරෙන්ස් ජෙමීය. කටුනායකදී ඔහු මහත් හරසරින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 558 දරණ ගුවන් යානයෙන් ඔහුගේ බිරිඳ වන කියුපිකා හෙඩ්විග් මහත්මිය සමග දින 21 ක සංචාරයක් සඳහා ටොරන්ස් මහතා දිවයිනට පැමිණියේය.