ශ්‍රී ලංකාවට බලපාන ගැටලු වෙනුවෙන් අසල්වැසි මිත්‍ර රටක් වශයෙන් ඉන්දියාව සැමවිටම සහාය ලබාදෙන බවත්, යුද්ධයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජය ඉදිරියටත් සහන ලබාදෙන බවත් ඉන්දියානු මහකොමසාරිස් වයි.කේ. සින්හා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ වවුනියාව මහ රෝහලේ ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ සිවුමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් අධ්‍යාපනික, සෞඛ්‍ය හා යටිතල පහසුකම් මෙන්ම නැවත පදිංචි කිරීම් වෙනුවෙන්ද ඉන්දීය රජය දිගින් දිගටම සහනාධාර ලබාදෙන බවත්, ශ්‍රී ලංකාවේ සෑම ගැටලුවක් වෙනුවෙන්ම ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.