ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්වීපාර්ශ්වික සබඳතා හා ආරථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ප්‍රංශය කැමැත්ත පළ කර තිබේ.
වෙළෙඳ, ආයෝජන, සංචාරක, ධීවර, ජල පවිත්‍රකරණය, පරිසර සංරක්ෂණය, මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම ආදී ක්ෂේත්‍ර තුළ මෙම සහයෝගීතාව වර්ධනය කරගැනීමට අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ශෝන්-මරූං ශූ මහතා අද (24දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.