ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන මාවතකට පත්කිරීමට හැකිවූ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මාතර පැවති විජයග්‍රහණයේ පස්වැනි සැමරුම අමතමින් ජනපතිවරයා සඳහන් කළේ, සාමය ස්ථාපිත කිරීමෙන් අනතුරුව රට තුළ ජාත්‍යන්තර සමුළු පැවැත්වීමේ හැකියාවද ලැබුණු බවයි.
එසේම ජාත්‍යන්තරයේ බලපෑම මත විජයග්රහණ සැමරුම නැවැත්වීමට සූදානම් නොමැති බවද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.