ශ්‍රී ලංකා සමාජ ක්‍රමය බහු ආගමික, බහු සංස්කෘතික සමාජ රටාවක් බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවැසීය. ඇතැම් පුද්ගලයින් පුද්ගලික අරමුණු වෙනුවෙන් ආගම හා ජාතිය විකුණ බවත් ඔහු පැවැසීය. කොළඹදී ඊයේ (06දා) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“සමහර අවස්ථාවාදීන් පුද්ගලික අරමුණු වෙනුවෙන් ආගම, ජාතිය විකුණන්න හදනවා. හැම කෙනෙකුටම පුද්ගලික නිදහසක් තියෙනවා ඕනම ආගමක් අදහන්න. අපි කිසි කෙනෙකුට අනෙකාගේ ආගම, ඇදහිල්ල වෙනුවෙන් තර්ක කරන්න ඒවාට විරුද්ධව ක්‍රියාකරන්න බෑ.
අවුරුදු 30ක් බෙදී වෙන්වි සිටි අපි නැවත එක කොඩියක් යටට එකතුවී තිබෙනවා. රජය උතුර,නැගෙනහිර සහ දකුණේ සිටින සියලුම සහෝදර ජනතාවට කිසිඳු වෙනසකින් තොරව එකම ආකාරයට සලකන ලබනවා. කෙසේවෙතත් ඇතැම් දේශපාලනඥයින් පටු වාසි තකා ආගම්වාදය සහ ජාතිවාදය අවුස්සමින් ජනතාව බේද කිරීමට උත්සාහ දරනවා” යැයි ඔහු පැවැසීය.