ශ්‍රී ලංකාව තුළ රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (CERA) ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව එම මධ්‍යස්ථානය රජයේ හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවය ඇතිව ස්ථාපිත කිරීමට වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට්ර මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ලෝක රෝබෝ තාක්ෂණික වෙළෙඳ පොළ 2020 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 82.7 ක මට්ටමට ළඟා වනු ඇති බව අපේක්ෂා කළත් ශ්‍රී ලංකාවේ රොබෝ තාක්ෂණය සාපේක්ෂව ප්‍රාථමික මට්ටමක පැවතියද නැගී එන ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ඵලදායීත්වය හා තරගකාරීත්වය ඉහළ නැංවීමේදී රොබෝ තාක්ෂණය මගින් සුවිශේෂ සහායක් ලබාගත හැකි විම හේතුවෙන් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාවලින් ස්වයංක්‍රීයකරණයට, ඵලදායීතාව ඉහළ නැංවීමට, ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ මිනිසුන් අතින් සිදුවන දෝෂ අඩු කරගැනීමට හැකියාව ලැබෙයි.