අග්නිදිග ආසියානු කලාපයේ පෝලියෝ වෛරසය මුළුමනින්ම තුරන් කළ කලාපයක් වශයෙන් ශ්‍රී ලංකාවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කරන ලද රටක් බවට ප්‍රකාශයට පත්කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් එකොළහක් මෙසේ පෝලියෝ වෛරසය තුරන් කළ කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
පසුගිය 07 වැනිදාට යෙදී තිබුණු වාහක ජනක රෝග වැළැක්වීම සඳහා 8 වැනි දින රාත්‍රි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති සම්න්ත්‍රණ අවස්ථාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ බව අනාවරණය කළේය.
1944 දී ශ්‍රී ලංකාවෙන් පළමු පෝලියෝ රෝගියා හඳුනා ගත් අතර එම වසරේදී පමණක් රෝගීන් හතර දෙනෙකු වාර්තා විය. 1961දී වැඩිම රොගීන් ප්‍රමාණයක් වාර්තා කළ පෝලියෝ රෝගය 1988 වනවිට රෝගීන් වාර්තා වීම මුළුමනින්ම පාලනය කළ අතර, 1990 සිට මේ දක්වා කිසිදු පෝලියෝ රෝගියෙකු වාර්තාවී නොමැත.