ශ්‍රී ලංකාව තවදුරටත් රැකබලාගත යුතු රාජ්‍යයක් නොවන බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ පසුගිය සති අන්තයේ කොළඹදී පැවැත්වුණු 'අයවැයෙන් පසු අදහස් විමසීම' සඳහා පැවැති විද්වත් හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යවරයා,
"බොහෝමයක් ශ්‍රී ලාංකිකයන්ට තවමත් සමාජවාදී සිතුවිලි තියෙනවා. ඒත් දැන් ශ්‍රී ලංකාවට ඉදිරියට ඇවිල්ලා තරගයට මුහුණදිය යුතු අවස්ථාවයි. තරගකාරීත්වය තමයි සාර්ථකත්වය බිහි කරන්නේ. ඒ වගේම ව්‍යවසායකත්වය බිහි කරන්නෙත් මේ තරගකාරීත්වයයි. විශේෂයෙන්ම තරුණයන් සඳහා මෙය වැදගත් අවස්ථාවක් වෙනවා" යනුවෙන්ද පවසා සිටියේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළින් නැති වී ගිය තරගකාරී වෙළෙඳපොළක් සහ ව්‍යවසායකත්ව කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අභිමානය නැවතත් උදාකරගත යුතු බව පැවසූ අමාත්‍යවරයා, 2018 වසරේ අයවැය මගින් මේ සඳහා අවශ්‍ය නිදහස සහ ප්‍රතිසංස්කරණ රැසක්ම සිදු කිරීමට යෝජනා කර ඇතැයිද සඳහන් කළේය.